Friday, November 23, 2012
Thursday, November 22, 2012
Wednesday, November 21, 2012
හොරගොල්ල,තිබ්බොටුගොඩ ඉතිහාසය
Horagolla and Thibbotugoda are known to be the only villages which are situated about half a mile away from Ganemulla in the Western Province. This village is beautified with green mountains. The paddy fields and the Uruwal stream that runs through the fields are witnesses to the flourishing agricultural life of the village.
බස්නාහිර පලාතේ ගණේමුල්ල නගරයට සැතපුම් භාගයක් පමණ ඉතා ආසන්නයේ පිහිටි එකම ගම් දනව්වක් ලෙස හොරගොල්ල හා තිබ්බොටුගොඩ යන ගම්මානයන් දෙක හැදින්විය හැකිය.
වර්ථමානයේ එම ගම්මානයන් දෙක වටා පිහිටි අනෙකුත් ගම්මානයන් වන්නේ පන්සලවත්ත,විලේගොඩ,පත්තිනිපිටිය සහ කුඩාබොල්ලත යන ගම්මානයන්ය.
වර්ථමානයේ එම ගම්මානයන් දෙක වටා පිහිටි අනෙකුත් ගම්මානයන් වන්නේ පන්සලවත්ත,විලේගොඩ,පත්තිනිපිටිය සහ කුඩාබොල්ලත යන ගම්මානයන්ය.
මෙම ගම්මානයන් දෙක රමණිය කදු කිහිපයක් පිහිටා ඇති අතර ඒ සමගාමිව ගැමි ජිවිතයට නෑකම් කියන සරැසාර කෙත් යායකින් සමන්විත වන අතර කෙත් යාය මැදින් ගලා බස්නා උරැවල් ඔය කාගේත් නෙතට එක්කරනුයේ දැකුම්කලු මනහර දර්ශණයකි.
ගැමි ජනයාගේ ප්‍රධානම ජිවනෝපාය කුඹුරැ ගෙවිතැන විය.
මෙම ගම්මානයන්හි අතීතය හාරා අවුස්සාන්නාවු ඔනෑම අයෙකු හට දක්නට ලැබෙන්නේ පළමුවන රාජසිංහ රජ සමයේ දිවයින ආක්‍රමණය කොට සිටින ලද පෘතුග්‍රීසින් පලවා හැරීම සදහා යුධ සේනා මෙහෙයවද්දී මෙම පලාත් භාරව ඩිංගිරි නම් රජ කුමාරයෙක් මේ පදේශය භාරව ක්‍රීයාකර ඇති බවත්,සතුරන් හා සටන් කිරිම පිනිස ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙහි පිහිටි කදු ගැටයක් භාවිතා කළ බවට මුඛ පරම්පාරානුගත වංශ කථාවල පැවසේ.එසේ නම් නිරානුමානව රජ පවුලට අයත් කුමාරවරැ නිළමෙවරැ මෙන්ම රාජකීය පනිවුඩකරැවන් සහ රට ආරක්ෂාකිමට සහය වු රණවිරැවන් මෙම ගම් පියස් හරහා කොතෙකුත් ගමන් කොට ඇත්ද යන්න අප හට සිතාගත හැක.
තවද ඒ සදහා ඇති කදිම උදාහරණය වන්නේ මෙතෙක් ඉතිරිව ඇති නාම මාත්‍රයක් වශයෙන් හදුන්වනු ලබන ඩිංගිරි කඩුව නමින් පදේශයේ සෑම අයෙකුගේම සිත් ඇදගත් ඇල මාර්ගයක් වන ඩිංගිරි කඩුව යන ඇල මාර්ගයයි.
ඒ අනුව බලන කළ මෙම ගම්මානය ෙළුතිහාසික වටිනාකමක් ඇති පසුබිමක් අනුව ගොඩනැගී ඇති පැරණි ගම්මානයක් වශයෙන් හදුන්වා දීමට අප කිසිවිටකත් පසුබට නොවිය යුතුය.
1815 දී ඉංග්‍රීසින් අතට සිරකරැවකු බවට පත් තුන් සිංහලයේ අන්තිම සිංහල රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ නම් වූ මහ නිරිදුන් සිරකරැවකු ලෙසින් මහනුවර සිට කොලොම්තොටට රැගෙන යන ලද්දේද තිබ්බොටුගොඩ මායිමක් ගෙස සැලකෙන එමෙන්ම සභාවක් ලෙස 1999 ඔක්තෝම්බර් මස 01 වන තෙක් පැවති ප්‍රධාන දෙව් මැදුර අසලින් බව මුඛපරම්පරානුගත කථාවන්හි සදහන් වීම ද විශේෂත්වයකි.
Subscribe to:
Posts (Atom)
